English (United Kingdom)
උතුරුමැද පළාත් රාඡ්‍ය සේවා කොමිෂන් සභාව ‍‍

සේවාවන්

i බදවා ගැනීමේ පරිපාටි

ඒ ඒ තනතුරු වලට බදවා ගැනීමේ පරිපාටි සකස් කර අනුමත කර ගැනීම කරනු ලැබේ.

ii බදවා ගැනීම් හා පත් කිරීම්

අනුමත බදවා ගැනීම් පටිපාටි අනුව බදවා ගැනීම සදහා විධිමත් අනුමැතිය ලබා දීමෙන් පසු , පුරප්පාඩු පිරවීම සදහා ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ඇතිව, තරඟ විභාග පැවැත්වීම මගින් හෝ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම මගින් සුදුස්සන් තෝරා බදවාගෙන පුරප්පාඩු අනුව පත්කිරීම් කරනු ලැබේ.

iii කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම

උතුරුමැද පළාත් රාජ්‍ය සේවයේ පවතින සියළුම තනතුරුවල ඒ ඒ ශ්‍රේණි වලට නියමිත කාර්යක්ෂමතා කඩඉම් විභාග සේවා ව්‍යවස්ථාවල සඳහන් විධි විධාන ප්‍රකාරව සිදු කරනු ලැබේ.

iv සේවයේ ස්ථිර කිරීම

දීප ව්‍යාප්ත සේවා වල තනතුරේ ස්ථිර කිරීම් රේඛීය අමාත්‍යාංශය වෙතද යොමුකරනු ලබන අතර , අනෙකුත් යටත් හා මාණ්ඩලික නිලධාරීන්ගේ සේවය ස්ථිර කිරීමේ කටයුතු බදවා ගැනීමේ පරිපාටිය/ ව්‍යවස්ථා අනුව සිදු කරනු ලබයි. වරින් වර නිකුත් වන රාඡ්‍ය පරිපාලන චක්‍රෙලේඛ උපදෙස් පරිදි සේවයේ ස්ථීර කරනු සිදුකරනු ලබයි.

v සේවයේ උසස්කිරීම්

උතුරු මැද පළාත් රාජ්‍ය සේවයේ පවතින සියළුම තනතුරුවල කාර්ය මණ්ඩල පුරප්පාඩු ඇති අදාළ සේවා ව්‍යවස්ථා විධි විධාන ප්‍රකාරව කුසලතා අනුපිළිවෙළ අනුව සිදු කරයි.

vi සේවා කාලය දීර්ඝ කිරීම.

වයස අවුරුදු 57 න් ඔබ්බට සේවා කාලය දීර්ඝ කිරීම සදහා නිර්දේශිත අයදුම්පත් අනුව සිදු කරයි.

vii සේවයෙන් විශ්‍රාම ගැන්වීම

විශ්‍රාම ගැන්වීමේ මනාපය ප්‍රකාශ නිර්දේශ සමග ඉදිරිපත් කල පසු සිදු කරයි.

viii තනතුරෙන් මුදා හැරීම

ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව සිදු කරයි.

ix විනය පාලන කටයුතු.

ආයතන සංග්‍රහය හා බලතල පැවරීම අනුව සිදු කරයි.

x උතුරුමැද පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීම.

අන්තර්ග්‍රහණ මනාප ප්‍රකාශ නිර්දේශ ලබා ගැනීමෙන් පසු සිදුකරයි.

xi උතුරුමැද පළාත් රාජ්‍ය සේවයට පැමිණීම

විධිමත්ව ඉදිරිපත් වන අයදුම්පත් අනුව විනය පරීක්ෂණ නොමැති නම් ඉඩ ලබාදේ.

xii ස්ථානමාරු

පළාත තුල අමාත්‍යාංශ අතර හා පළාතෙන් බැහැර ස්ථානමාරු අයදුම්පත් නිර්දේශ අනුව සිදුකරයි.

 
ඔක්තෝබර් 2014
බ්‍ර සි සෙ
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1